2016 නොවැම්බර් මස 17 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-11-17 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : විදේශගත ශ්‍රී ලාංකිකයන් හට ඉදිරි මැතිවරණවල දී ඡන්දය පාවිච්චි කිරීමට ඇති ඉඩකඩ සලසා දීමේ සහ ඊට අනුෂංගික කරුණු විමර්ශනය කර පියවර නිර්දේශ කොට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කර ඇති මන්ත්‍රීන්
‘B’ : තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා පත් කර ඇති මන්ත්‍රීන්
‘C’ : මේ දක්වා ඇඟිලි සලකුණු ලබාදීමට නොහැකි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇඟිලි සලකුණු ලබාගැනීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ
(ii) 2015 වර්ෂය සඳහා සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ
(iii) 2015 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
නෛතික කටයුතු (දූෂණ විරෝධි) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු චමින්ද විජේසිරි මහතා
(ii) ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණයේ කිරීමෙහි නිරත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකු සඳහා මෙහෙයුම් කල් බදු ක්‍රමය යටතේ වාහන ලබා ගැනීම
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ශ්‍රී ලංකා ජාත්‍යන්තර නේචර් ලිවින් සංගමය (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. එස්. තෞෆික් මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2017) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 යටතේ සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2017) දෙවැනි වර කියවීමේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2017) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1830 ට 2016 නොවැම්බර් මස 18 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






