2016 නොවැම්බර් මස 15 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-11-15 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ
(ii) 2014 වර්ෂය සඳහා ජාතික විද්‍යා පදනමේ
(iii) 2014 වර්ෂය සඳහා ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ
(iv) 2014 වර්ෂය සඳහා හලාවත වැවිලි සමාගමේ
(v) 2014 වර්ෂය සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ
වාර්ෂික වාර්තා
(vi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4) වැනි වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින්, ශ්‍රී ලංකාවේ ගම්පහ වික්‍රමාරච්චී ආයුර්වේද විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෙනුවට නිසි බලධරයෙකු පත් කරමින් 2016 සැප්තැම්බර් මස 2 දිනැති අංක 1982/37දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii) 2014 වර්ෂය සඳහා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - පෙත්සම් හතයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
‘ආවා’ කණ්ඩායම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එස්. එම්. මරික්කාර් මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2017) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 යටතේ සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2017) දෙවැනි වර කියවීමේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“කළුතර දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2017) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1854 ට 2016 නොවැම්බර් මස 16 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






