2016 නොවැම්බර් මස 12 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-11-12 |
|
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ
(ii) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ
වාර්ෂික වාර්තා
(iii) 2015 වර්ෂය සඳහා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ
(iv) 2015 වර්ෂය සඳහා බුද්ධශාසන අමාත්‍යාංශයේ
(v) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු නිහාල් ගලප්පත්ති මහතා
(ii) ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා
(iii) ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
ආබාධිත රණවිරුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ගරු රුවන් විජයවර්ධන මහතා සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, ගරු සාගල රත්නායක මහතා විසින් පිළිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2017) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 යටතේ සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2017) දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“භාණ්ඩ හා මගී ප්‍රවාහනයට සහ සංචාරක කටයුතු සඳහා හැමිල්ටන් ඇළ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අශෝක ප්‍රියන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2017) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1900 ට 2016 නොවැම්බර් මස 15 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.