2016 නොවැම්බර් මස 11 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-11-11 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
‘B’ : පාර්ලිමේන්තු සභා ගර්භයේ අලුතින් සවි කර ඇති සම්මන්ත්‍රණ පද්ධතිය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ
(ii) 2015 වර්ෂය සඳහා උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ
(iii) 2008, 2009, 2010, 2011, 2012, 2013 සහ 2014 වර්ෂ සඳහා ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
(iv) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(v) 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 54 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිර්දේශ මත විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 ජූලි 13 දිනැති අංක 1975/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියෝග
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු එස්. බී. දිසානායක මහතා
(ii) ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(iii) ගරු ගයන්ත කරුණාතිලක මහතා
(iv) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ආබාධිත රණවිරුවන්ට එල්ල කළ ප්‍රහාරය
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු මයන්ත දිසානායක මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත මුදල් අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2017) - දෙවැනි වර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 යටතේ සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2017) දෙවැනි වර කියවීමේ විවාදයේ පළමුවැනි වෙන් කළ දිනය අදයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“උතුරු, නැගෙනහිර ස්වේච්ඡා ගුරුවරුන්ට ස්ථිර පත්වීම් ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2017) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1900 ට 2016 නොවැම්බර් මස 12 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






