2016 නොවැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-11-10 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 මුදල් වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අයවැය ඇස්තමේන්තු කෙටුම්පත්
(ii) 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 4 සහ 7 වැනි වගන්ති යටතේ නිකුත් කරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව - 2017
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2017) - දෙවැනි වර කියවීම
මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා ප.ව. 02.00 ට '2017 අයවැය කථාව' පැවැත්වීය.
කථානායකතුමාගේ නිවේදනය
2017 විසර්ජන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේ දී යෝජනා කිරීමට නියමිත සියලුම සංශෝධන 2016 නොවැම්බර් මස 15 වැනි අඟහරුවාදා මධ්‍යාහ්න 12.00 ට හෝ ඊට ප්‍රථම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත භාරදිය යුතුය.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2017) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1709 ට 2016 නොවැම්බර් මස 11 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.