2016 ඔක්තෝබර් මස 28 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-10-28 |
|
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : 2016 නොවැම්බර් මස 09 සහ 10 දිනයන්හි දී පාර්ලිමේන්තු පරිශ්‍රය අවට ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාව
(ii) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ
(iii) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ
(iv) 2012 වර්ෂය සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ
(v) 2014 වර්ෂය සඳහා නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ
(vi) 2012 සහ 2013 වර්ෂ සඳහා පශ්චාත් අස්වැන්න පිළිබඳ තාක්ෂණ ආයතනයේ
(vii) 2014 වර්ෂය සඳහා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ
(viii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ
වාර්ෂික වාර්තා
(ix) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ
(x) 2015 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලයේ
(xi) 2015 වර්ෂය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ
(xii) 2015 වර්ෂය සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(xiii) 2015 අංක 16 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ 2016.09.23 දිනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම - 2016
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා - පෙත්සම් තුනයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ජෙරුසලමේ අල්-හරාම් ෂරිෆ් ප්‍රදේශයේ හා අවට ඊශ්‍රායලය විසින් සිදුරකගෙන යන හානිකර ක්‍රියාවලට විරෝධය පළ කරමින් පලස්තීනය ඉදිරිපත් කළ යෝජනාවට යුනෙස්කෝ හි ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීම
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
උතුරු සහ නැගෙනහිර පළාත්වලින් පිටත දී දෙමළ මාධ්‍යයෙන් පාඨමාලා හැදෑරීම සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලට පහසුකම් ලබාදීම
ශෝක ප්‍රකාශ යෝජනා
පහත දැක්වෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-
(i) අභාවප්‍රාප්ත ගරු ජී.එන්. මහසෙන් පැල්පොල මහතා
(ii) අභාවප්‍රාප්ත ගරු එස්.එල්. ගුණසේකර මහතා
(iii) අභාවප්‍රාප්ත ගරු කේ.එන්. චොක්සි මහතා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1520 ට 2016 නොවැම්බර් මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 1400 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.