2016 ඔක්තෝබර් මස 27 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-10-27 |
නියෝජ්‍ය කාරක සභාපති ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාවේ
(ii) 2013 වර්ෂය සඳහා පොල් පර්යේෂණ මණ්ඩලයේ
(iii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ
(iv) 2014 වර්ෂය සඳහා පරමාණුක ශක්ති අධිකාරියේ
(v) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාවේ
(vi) 2012 වර්ෂය සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ
වාර්ෂික වාර්තා
(vii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ
(viii) 2015 වර්ෂය සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ
(ix) 2015 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා - පෙත්සම් හතරයි
(iii) ගරු මනූෂ නානායක්කාර මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු අනුර දිසානායක මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු නිහාල් ගලප්පත්ති මහතා - පෙත්සම් තුනයි
(vi) ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
සී.එස්.එන්. නාලිකාවට නිකුත් කළ බලපත්‍රය අවලංගු කිරීම
(ii) ගරු අනුර දිසානායක මහතා
පොලිස් ආරක්ෂක සහායක නිලධාරීන්ට අදාළ සේවා ගැටලු
අමාත්‍යාංශ නිවේදන
(i) රජයේ ආර්ථික ප්‍රතිපත්ති සහ අනාගත සංවර්ධන සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
(ii) කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය නිසා ධීවරයින්ට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා විසින් පිළිතුරු සපයන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග එකොළහක්
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණන වැඩි කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1905 ට 2016 ඔක්තෝබර් මස 28 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






