2016 ඔක්තෝබර් මස 26 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-10-26 |
|
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ
(ii) 2013 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ
(iii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ
(iv) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
(v) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ
(vi) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ
(vii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ
(viii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ
(ix) 2014 වර්ෂය සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ
වාර්ෂික වාර්තා
1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යතුමා විසින් පනවනු ලදුව,
(x) 2016 අගෝස්තු 19 දිනැති අංක 1980/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xi) 2016 අගෝස්තු 19 දිනැති අංක 1980/42 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
පළ කරන ලද නියමයන්
(xii) 2015 වර්ෂය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(xiii) 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ 60 වැනි වගන්තිය සමඟ කියවිය යුතු ඒ පනතේ 61 වැනි වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් අග්‍ර විනිශ්චයකාරවරයාගේ එකඟත්වය ඇතිව සාදන ලද 2016 මැයි 16 දිනැති අංක 1967/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු වසන්ත අලුවිහාරේ මහතා
(ii) ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය - පෙත්සම් තුනයි
(iii) ගරු ලකී ජයවර්ධන මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “ජයමග සංවර්ධන, සමාජ සත්කාරක හා පුණ්‍යාධාර පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු හෙක්ටර් අප්පුහාමි මහතාට අවසර දෙන ලදී.
(ii) “ගල්හින්න ජාමිඅතුල් ෆත්තාහ් අරාබි විදුහල (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ඉම්රාන් මහරූෆ් මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට පිළිතුරු වාර්තා කිරීම සඳහා ඉහත අංක (i) සහ (ii) දරන පනත් කෙටුම්පත් දෙක පිළිවෙලින් සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා සහ තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී. (ii), (iii) සහ (iv) අයිතමයන් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
(i) වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන)
(ii) ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන)
(iii) විසර්ජන (සංශෝධන) - දෙවැනි වර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 112; විරුද්ධව 45)
(iv) එකතු කළ අගය මත බදු (සංශෝධන) -
දෙවැනි වර කියවීමේ දී නම් අනුව ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 112; විරුද්ධව 46)
තුන්වැනි වර කියවීමේ දී ඡන්ද විමසීමක් පවත්වන ලදී (පක්ෂව 76; විරුද්ධව 23)
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2016 ඔක්තෝබර් මස 27 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.