2016 ඔක්තෝබර් මස 25 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-10-25 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව-
- 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XX කොටස සහ හතරවැනි කාණ්ඩයේ XI කොටස ; සහ
- 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XIV, XV සහ XVI කොටස්, තුන්වැනි කාණ්ඩයේ IV වැනි කොටස සහ හතරවැනි කාණ්ඩයේ VIII, IX සහ X කොටස්
වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ
(ii) 2015 වර්ෂය සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iii) 2015 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
කාර්ය සාධන වාර්තා
(iv) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ
(v) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ
(vi) 2013 සහ 2014 වර්ෂ සඳහා පොල් සංවර්ධන අධිකාරියේ
(vii) 2012 වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ
(viii) 2013 වර්ෂය සඳහා ඉදිකිරිම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනයේ
වාර්ෂික වාර්තා
(ix) සුරාබදු ආඥාපනතේ (52 වැනි අධිකාරය වන), 32 වගන්තිය සමඟ කියවනු ලබන 22 වගන්තිය යටතේ විදේශීය මත්පැන් මත සුරාබදු පැනවීම සහ විදේශීය මත්පැන් ආනයනය කිරීමට අදාළ රීති පැනවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යතුමා විසින් පනවන ලදුව, 2016 අගෝස්තු 26 දිනැති අංක 1981/87 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14(1) වැනි වගන්තිය ප්‍රකාරව සෙස් බදු සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 අගෝස්තු 23 දිනැති අංක 1981/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු සුජීව සේනසිංහ මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු ලසන්ත අලගියවන්න මහතා
(iii) ගරු අශෝක් අබේසිංහ මහතා - පෙත්සම් තුනයි
(iv) ගරු කරුණාරත්න පරණවිතාන මහතා
(v) ගරු බන්දුල ගුණවර්ධන මහතා
(vi) ගරු සිරිනාල් ද මෙල් මහතා
(vii) ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා
(viii) ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා - පෙත්සම් තුනයි
(ix) ගරු ඉෂාක් රහුමාන් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා සහ ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් “යාපනය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් දෙදෙනෙකුගේ මරණය” පිළිබඳ කරුණ මතු කරන ලද අතර, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ද එම කරුණ සමඟින් යාපනය, පුත්තලම හා කොළඹ ප්‍රදේශයන් හි සිදුවූ අනෙකුත් බරපතල සිද්ධීන් පිළිබඳව කරුණු මතු කරන ලදී.
අමාත්‍යාංශ නිවේදන
(i) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ඉහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අසන ලද ප්‍රශ්නවලට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා විසින් පිළිතුරු සපයන ලදී.
(ii) යූබී ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට මුහුණ පෑමට සිදුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මීට ඉහත අවස්ථාවක දී ගරු අනුර දිසානායක මහතා විසින් අසන ලද ප්‍රශ්නයට අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා විසින් පිළිතුරු සපයන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2014 අංක 38 දරන ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා වූ
“ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “සරවනපවන් පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. ඒ. සුමන්තිරන් මහතාට අවසර දෙන ලදී.
(ii) “මහිපාල හේරත් ජන සහන පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ශෙහාන් සේමසිංහ මහතාට අවසර දෙන ලදී.
(iii) “මෛත්‍රීපාල සිරිසේන ලක්දරු දිරිය පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු මලිත් ජයතිලක මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
තිරසර සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ 2030 න්‍යාය පත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
ගරු බුද්ධික පතිරණ මහතා විසින් යෝජනා කරනු ලදුව ගරු ලකී ජයවර්ධන මහතා විසින් ස්ථිර කරන ලද යෝජනාව සභාව විසින් සම්මත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“2016.08.09 දින සභාවට ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2016 ඔක්තෝබර් මස 26 වැනි බදාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






