2016 ඔක්තෝබර් මස 07 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-10-07 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපත ලැබී ඇති බව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2014 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) සෞඛ්‍යය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම
(ii) බලශක්ති
පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවල වාර්තා පිළිගැන්වීම
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ජාතික රෝහලේ හෘද සැත්කම් සඳහා වූ ශල්‍ය වෛද්‍ය ඒකකයේ නඩත්තුව
අමාත්‍යාංශ නිවේදන
ඉස්ලාමාබාද්හි පැවැත්වීමට නියමිත 19 වැනි ‘සාර්ක්’ සමුළුව පිළිබඳ රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය, ගරු මංගල සමරවීර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත දැක්වෙන යෝජනා (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1, 2 සහ 5 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කර සම්මත කරන ලදී:-
(i) රජයේ පාසල් හා විශ්වවිද්‍යාල නිවාඩු දිනවලදී එම මධ්‍යස්ථාන අධ්‍යාපන ඒකක සඳහා ලබාදීම
රජයේ පාසල් නිවාඩු කාලයේදී සහ සවස් වරුවලත් විශ්වවිද්‍යාල නිවාඩු දිනවලත් එම මධ්‍යස්ථාන මුල් කොට ගෙන ව්‍යාපාරික ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධාන, වාණිජ මණ්ඩල, ප්‍රජා මූල සංවිධාන සම්බන්ධ කර ගන්නා වූ පුළුල් වැඩපිළිවෙළක් වශයෙන් වැඩිහිටි හා නොවිධිමත් අධ්‍යාපන ඒකක සහනදායී ගාස්තු පදනමක් මත ආරම්භ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
(ii) ගවයන් සඳහා සුදුසු තෘණ බිම් වෙන් කිරීම
ආසන්න වශයෙන් ගවයන් 250,000කට පමණ තෘණ භූමි අවශ්‍යව සිටින බැවින් සහ කිරි නිෂ්පාදනය වැඩි කිරීමේ රජයේ ප්‍රතිපත්තිය සපුරාගැනීම සඳහා වෙන් කරන ලද තෘණ භූමි දිස්ත්‍රික්කය තුළ පිහිටා නොමැතිකම නිසා, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සුදුසු තෘණ භූමි ප්‍රකාශකර, වෙන්කර ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
(iii) උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පවතින ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ සේවක සංඛ්‍යා පුරප්පාඩු, ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය පදනම් කරගෙන පිරවීම සහ තරඟ විභාගයෙන් නිදහස් කර III වැනි ශ්‍රේණියට පත්කිරීම
උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පවතින ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ සේවක සංඛ්‍යා පුරප්පාඩු පිරවීම සම්බන්ධව නිසි විශ්ලේෂණයක් කර මෙම තනතුරුවලට අදාළ රාජකාරිවල නිරත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ හා ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාවය සැලකිල්ලට ගෙන ඔවුන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තරඟ විභාගයෙන් නිදහස් කර අධ්‍යාපන පරිපාලන සේවයේ III වැනි ශ්‍රේණියට පත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කරයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ජාතික අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කරන මුදල් නියාමනය සහ ඇගයීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1530 ට 2016 ඔක්තෝබර් මස 20 වැනි අඟහරුවාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






