ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 ඔක්තෝබර් මස 06 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-10-06

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’   :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2012 සහ 2013 වර්ෂ සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තා

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු ජෝන් අමරතුංග මහතා                    
(ii)   ගරු කවීන්දිරන් කෝඩීස්වරන් මහතා
(iii)  ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා     - පෙත්සම් හතරයි      
(iv)  ගරු මොහොමඩ් නවවි මහතා                
            
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

(i)  ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
මේ වන විට රටේ ඇතැම් ප්‍රදේශවල පවත්නා උග්‍ර පානීය ජල හිඟය

(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය නිසා ධීවරයින්ට සිදුවී ඇති අසාධාරණය

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“වැඩබලන විදුහල්පතිවරුන්ට ස්ථිර පත්වීම් ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කවීන්දිරන් කෝඩීස්වරන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1850 ට 2016 ඔක්තෝබර් මස 7 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි