2016 ඔක්තෝබර් මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-10-05 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2013 වර්ෂය සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ
(ii) 2014 වර්ෂය සඳහා සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ
(iii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ
වාර්ෂික වාර්තා
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව,
(iv) ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2016 අගෝස්තු මස 09 දිනැති අංක 1979/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(v) ලංකාවේ වයඹ විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2016 ජූලි මස 01 දිනැති අංක 1973/76 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
පළ කරන ලද නියම
(vi) 2015 වර්ෂය සඳහා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ජාත්‍යන්තර සබඳතා
(ii) ජාතික ආරක්ෂාව
පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවල වාර්තා පිළිගැන්වීම.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47(5) යටතේ වාර්තා පිළිගැන්වීම
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47(5) යටතේ “ශ්‍රී ලංකා ඵක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධ වාර්තාව පිළිගැන්වීම.
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
අම්පාර දිස්ත්‍රික්කයේ තිඹිරිගොල්ල, වට්ටමඩු ප්‍රදේශයේ අක්කර 1000 ක් පමණ වූ වනාන්තර ප්‍රදේශය නීතිවිරෝධී ලෙස විනාශ කිරීම
අමාත්‍යාංශ නිවේදන
“එකතු කළ අගය මත බදු (සංශෝධන)” පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වැඩබලන මුදල් අමාත්‍ය, ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග හතරක්
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“වතුකරයේ කම්කරුවන්ගේ දිනක වැටුප වැඩිකිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2016 ඔක්තෝබර් මස 6 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.