2016 ඔක්තෝබර් මස 04 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-10-04 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමෙහි පිටපතක් ලැබී ඇති බව
‘B’ : තේරීම් කාරක සභාව විසින් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා නම් කර ඇති මන්ත්‍රීන්
‘C’ : ප්‍රවාහනය හා සන්නිවේදනය
‘D’ : නිෂ්පාදන හා සේවා
පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවල සේවය සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කර ඇති මන්ත්‍රීන්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ
(ii) 2014 වර්ෂය සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ
(iii) 2015 වර්ෂය සඳහා කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(iv) 2012 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව
(v) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ “ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් බුඩිස්ට් ඇකඩමි ආයතනය” උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින්, 2016 ජනවාරි 06 දිනැති අංක 1948/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධනය කරමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 අගෝස්තු 09 දිනැති අංක 1979/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ “කලම්බු ඉන්ටර්නැෂනල් නෝටිකල් ඇන්ඩ් ඉංජිනියරින් කොලේජ් (ප්‍රයිවට්) ලිමිටඩ්” උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින්, 2013 ජූලි 09 දිනැති අංක 1818/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සංශෝධනය කරමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 අගෝස්තු 09 දිනැති අංක 1979/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii) 2013 වර්ෂය සඳහා ජනාධිපතිවරයාගේ අරමුදල පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වභාවික සම්පත්
(ii) ව්‍යාපාර හා වාණිජ
(iii) නෛතික කටයුතු (දූෂණ විරෝධි) හා මාධ්‍ය
පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවල වාර්තා පිළිගැන්වීම
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
(ii) ගරු ලකී ජයවර්ධන මහතා
(iii) ගරු එඩ්වඩ් ගුණසේකර මහතා
(iv) ගරු රංජිත් අලුවිහාරේ මහතා
(v) ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
(vi) ගරු ආනන්ද අලුත්ගමගේ මහතා
(vii) ගරු හර්ෂණ රාජකරුණා මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය, ගරු සී.වී. විග්නේස්වරන් මහතා විසින් මෑතකදී සිදුකළ ප්‍රකාශය
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
වවුනියාව දිස්ත්‍රික්කයේ චෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කප්පාච්චි ගම්මානයේ ජීවත්වන ජනතාව මුහුණ දී ඇති පානීය ජල ප්‍රශ්නය
(iii) ගරු අනුර දිසානායක මහතා
රත්නපුර, කලවාන දුම්බර ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයින් 10,000 කට ඉඩම් හිමිකම් ලබාදීම
අමාත්‍යාංශ නිවේදන
(i) ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් අසන ලද ප්‍රශ්නයට වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය, ගරු විජිත් විජයමුණි සොයිසා මහතා විසින් පිළිතුරු සපයන ලදී.
(ii) ස්ථාවර නියෝග අංක 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ගරු ෆයිසර් මුස්තාපා මහතා විසින් පිළිතුරු සපයන ලදී.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ
“එකතු කළ අගය මත බදු (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත දැක්වෙන පනත් කෙටුම්පත් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 3 සහ 4 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) - සංශෝධන සහිතව
(ii) නීති කොමිෂන් සභා (සංශෝධන)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“බණ්ඩාරගම, කිඳෙල්පිටිය සහ බදුවිල තෙත්බිම පාරිසරික සංරක්ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1916 ට 2016 ඔක්තෝබර් මස 5 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.