2016 සැප්තැම්බර් මස 22 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-09-22

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’     :  “ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
‘B’     :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
‘C’     :  සභාවේ විනය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)   2014 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ
(ii)  2014 වර්ෂය සඳහා මහජන බැංකුවේ

වාර්ෂික වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (පළමුවන වාර්තාව - ජනවාරි සිට අප්‍රේල් දක්වා)
(ii)   නෛතික කටයුතු (දූෂණ විරෝධි) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ

වාර්තා පිළිගැන්වීම

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)     ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා                    
(ii)    ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා                    
(iii)   ගරු වසන්ත අලුවිහාරේ මහතා                    
(iv)   ගරු ලසන්ත අලගියවන්න මහතා            -    පෙත්සම් හතරයි         
(v)    ගරු ලකී ජයවර්ධන මහතා                    
(vi)   ගරු බුද්ධික පතිරණ මහතා                 - පෙත්සම් හතරයි
(vii)  ගරු අජිත් මාන්නප්පෙරුම මහතා                    
(viii) ගරු සුජිත් සංජය පෙරේරා මහතා                          
 
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i)  ගරු ඩග්ලස් දේවානන්ද මහතා
වතු කම්කරුවන් සඳහා නිවාස

(ii) ගරු අනුර දිසානායක මහතා
දිවිනැගුම සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීම සඳහා වූ විවෘත තරග විභාගය

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සිරියානු ජනතාව මුහුණ පා ඇති හදිසි මානුෂවාදී තත්වයට පිළියම් යෙදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මුජිබුර් රහුමාන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1854 ට 2016 සැප්තැම්බර් මස 23 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.