ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 සැප්තැම්බර් මස 21 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-09-21

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2012 සහ 2013 වර්ෂ සඳහා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ
(ii)   2012 වර්ෂය සඳහා ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ
(iii)  2014 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ
(iv)  2011 වර්ෂය සඳහා සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ
(v)   2013 වර්ෂය සඳහා උක් පර්යේෂණ ආයතනයේ

වාර්ෂික වාර්තා

(vi)  2015 වර්ෂය සඳහා රෙජිස්ට්‍රාර් ‍ජනරාල් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව හා ගිණුම්

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ
(ii)   අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ
(iii)  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ

වාර්තා පිළිගැන්වීම

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47(5) යටතේ වාර්තා පිළිගැන්වීම

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 47(5) යටතේ “ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ වාර්තාව ඉදිරිපත් කිරීම

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු වජිර අබේවර්ධන මහතා                 - පෙත්සම් එකොළහයි
(ii)   ගරු මහින්ද අමරවීර මහතා
(iii)  ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතා                    
(iv)  ගරු මනූෂ නානායක්කාර මහතා                    
(v)   ගරු බුද්ධික පතිරණ මහතා                  - පෙත්සම් පහයි
(vi)  ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය                  

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i)   ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කටයුතු

(ii)  ගරු ඩග්ලස් දේවානන්ද මහතා
නුවරඑළිය සහ හැටන් ප්‍රදේශ සඳහා (දෙමළ) විශේෂ අධ්‍යාපන කලාපයක්

(iii) ගරු අනුර දිසානායක මහතා
බාහිර උපාධි සඳහා සිසුන් බඳවා ගැනීම

 

අමාත්‍යාංශ නිවේදන

(i)    අනුරාධපුරයෙහි පිහිටි එළාර රජුගේ සොහොන සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් අසන ලද ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍ය, ගරු අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පිළිතුරු සපයන ලදී

(ii)    ඔලුවිල් ප්‍රදේශය මුහුදුඛාදනයෙන් ආරක්ෂා කිරීම සඳහා සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් අසන ලද ප්‍රශ්නයට වැඩබලන වරාය හා නාවික කටයුතු  අමාත්‍ය, ගරු නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතා විසින් පිළිතුරු සපයන ලදී

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එස්. එම්. මරික්කාර් මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)   අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරි‍යගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනය කිරීම
(ii)  ස්වාධීන කොමිෂන් සභාවන්හි සභාපතිවරයන් හා සාමාජිකයන් වෙත ගෙවනු ලබන පාරිශ්‍රමිකයන් හා වෙනත් දීමනා (ඡන්ද විමසීමක් පවත්වන ලදී. පක්ෂව ඡන්ද 68 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද ප්‍රකාශ වූයේ නැත)

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1837 ට 2016 සැප්තැම්බර් මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි