2016 සැප්තැම්බර් මස 20 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-09-20 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමෙහි පිටපතක් ලැබී ඇති බව
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ I කොටස
වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ
(ii) 2014 වර්ෂය සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ
(iii) 2013 සහ 2014 වර්ෂ සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ
(iv) 2014 වර්ෂය සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ
වාර්ෂික වාර්තා
(v) 2015 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන හා ගිණුම් වාර්තාව
(vi) 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනතේ 36 වගන්තියේ (2) උප වගන්තියේ (ඈ) සහ (ඉ) ඡේද සමඟ කියවිය යුතු, එකී පනතේ 67 වගන්තිය යටතේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් සාදනු ලදුව, 2016 ජූනි මස 15 දිනැති අංක 1971/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) කෘෂිකර්මය හා ඉඩම් ආංශික අධීක්ෂණ කාරක සභාවේ
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ
වාර්තා පිළිගැන්වීම
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු එස්. බී. නාවින්න මහතා
(ii) ගරු ටී. බී. ඒකනායක මහතා
(iii) ගරු රුවන් විජයවර්ධන මහතා
(iv) ගරු සුජීව සේනසිංහ මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා - පෙත්සම් තුනයි
(vi) ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා - පෙත්සම් දෙකයි
(vii) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා
(viii) ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
(ix) ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
පුස්සැල්ලාව පොලීසියේ අත්අඩංගුවේ සිටි එන්. රාමචන්ද්‍රන් සියදිවි නසාගැනීම
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
විදෙස් රටවල් සමඟ විවිධාකාරයේ ගිවිසුම්වලට එළඹීමට පෙර පාර්ලිමේන්තුව දැනුවත් කිරීම
අමාත්‍යාංශ නිවේදන
(i) මහජන බැංකුවේ ඩිජිටල්කරණය හා සම්බන්ධ ටෙන්ඩරයේ ගැටලු සම්බන්ධයෙන් ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අසන ලද ප්‍රශ්නයට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය, ගරු කබීර් හෂීම් මහතා විසින් පිළිතුරු සපයන ලදී.
(ii) සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය මගින් උතුර සහ නැගෙනහිර ආබාධිත පුද්ගලයින් හට සහන සහ පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් අසන ලද ප්‍රශ්නයට සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය, ගරු එස්. බී. දිසානායක මහතා විසින් පිළිතුරු සපයන ලදී.
(iii) මාරුවීම් මත පදනම්ව වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගැනීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය, ගරු අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ඉංජිනේරු වෘත්තිකයන්ගේ වෘත්තීමය තත්වය පවත්වාගෙන යාම සහ මෙහෙයවීම සඳහා වගකිවයුතු ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පිහිටුවීම සඳහා ද; ඉංජිනේරු වෘත්තිකයන් ලියාපදිංචි කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ
“ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව”
නමැති පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) පරිපූරක මුදල - ශීර්ෂය 147 - වැඩසටහන 1 (රු.592,925,000 ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය)
(ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“කම්කරු දෙපාර්තමේන්තුවේ දියත් වී තිබෙන වෘත්තීය සංගම් ක්‍රියාකාරකම්” පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1923 ට 2016 සැප්තැම්බර් මස 21 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.