ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 සැප්තැම්බර් මස 09 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-09-09

නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව

(ii)    2015 වර්ෂය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව

(iii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි  වගන්තිය  යටතේ   උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා  විසින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ අග්නිදිග  විශ්වවිද්‍යාලය  පිහිටුවීම   සම්බන්ධයෙන්  සාදන  ලදුව  2016 ජූනි මස 29 දිනැති අංක 1973/28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(iv)    2015 අංක 16 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ 2016.08.10 දිනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම—2016

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)     ගරු එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා         - පෙත්සම් දෙකයි
(ii)    ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය                    
(iii)   ගරු ඩුලිප් විජේසේකර මහතා                   - පෙත්සම් දෙකයි
(iv)   ගරු අජිත් පී. පෙරේරා මහතා                   - පෙත්සම් පහයි
(v)    ගරු එච්. ආර්. සාරතී දුෂ්මන්ත මහතා                    
(vi)   ගරු අනුර දිසානායක මහතා                    
(vii)  ගරු බිමල් රත්නායක මහතා                     - පෙත්සම් දෙකයි
(viii) ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා                    
(ix)  ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා                    
(x)   ගරු ජයන්ත සමරවීර මහතා                    
(xi)  ගරු රවීන්ද්‍ර සමරවීර මහතා                   

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
මහජන බැංකුවේ ඩිජිටල්කරණය හා සම්බන්ධ ටෙන්ඩරයේ ගැටලු

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(105 වන අධිකාරය වූ) වෛද්‍ය ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වූ

“වෛද්‍ය (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පැරිස් ගිවිසුම අපරානුමත කිරීම

පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1604 ට 2016 සැප්තැම්බර් මස 20 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි