2016 සැප්තැම්බර් මස 07 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-09-07 |
|
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 1992 මැයි මස 09 වැනි දින නිව්යෝර්ක්හි දී පිළිගන්නා ලද දේශගුණික වෙනස්වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය සඳහා වූ පැරිස් ගිවිසුම අපරානුමත කිරීම
(ii) 2013 සහ 2014 වර්ෂ සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ
(iii) 2013 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ
(iv) 2012 වර්ෂය සඳහා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ
වාර්ෂික වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව පිළිගැන්වීම
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු දුමින්ද දිසානායක මහතා - පෙත්සම් හතරයි
(ii) ගරු අමිර් අලි සිහාබ්දින් මහතා
(iii) ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අග්‍රාමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i) ගරු මුජිබුර් රහුමාන් මහතා
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
(iii) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
(iv) ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
උතුරු පළාතේ රෝහල්වල සුළු සේවකයින්හට ස්ථිර සේවා තත්වය ලබාදීම
(ii) ගරු අනුර දිසානායක මහතා
විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් තුළ ඇති වී තිබෙන ගැටලුකාරී තත්වය
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ
“ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
මෝටර් වාහන පනත යටතේ නියෝග දෙකක්
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“වතු ක්ෂේත්‍රයේ සේවකයින්හට ඉඩම් ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වේලු කුමාර් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2016 සැප්තැම්බර් මස 8 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.