ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 අගෝස්තු මස 25 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-08-25

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව─

  • 2012 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XIV කොටස;
  • 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XI, XII සහ XIII වැනි කොටස්; සහ
  • 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ III කොටස, දෙවැනි කාණ්ඩයේ XIII වැනි කොටස සහ පස්වැනි කාණ්ඩයේ VI වැනි කොටස

වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)   2013 වර්ෂය සඳහා සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

(ii)  2015 වර්ෂය සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iii) 2014 සහ 2015 වර්ෂ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු එස්. බී. දිසානායක මහතා
(ii)   ගරු කබීර් හෂීම් මහතා                         - පෙත්සම් දෙකයි
(iii)  ගරු අනුර දිසානායක මහතා
(iv)  ගරු අජිත් මාන්නප්පෙරුම මහතා                - පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
තානාපති සේවයේ සහ රාජ්‍ය අංශයේ උසස් තනතුරුවලට පත්වන පුද්ගලයින්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීමේ ප්‍රමාදයන්

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“බර්ටි දිසානායක පදනම (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කේ. කාදර් මස්තාන් මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මරණ ලියාපදිංචි කිරී‍මේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“පළාත් පාලන ආයතන මැතිවරණය නොපැවැත්වීම” පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2016 අගෝස්තු මස 26 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි