2016 අගෝස්තු මස 24 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-08-24

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2002, 2003, 2004, 2005, 2006, 2007, 20082009 සහ 2010 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ
(ii)   2015 වර්ෂය සඳහා පේෂ කර්මාන්ත දෙපාර්ත‍මේන්තුවේ
(iii)  2015 වර්ෂය සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

(iv)  1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2016 මැයි 26 දිනැති අංක 1968/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(v)   2013 වර්ෂය සඳහා අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ
(vi)  2013 වර්ෂය සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ

වාර්ෂික වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ප්‍රවාහනය හා සන්නිවේදනය
(ii)   අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය
(iii)  අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය
(iv)  නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය

පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවල වාර්තා පිළිගැන්වීම

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)     ගරු සුසන්ත පුංචිනිලමේ මහතා           - පෙත්සම් හතරයි
(ii)    ගරු කරුණාරත්න පරණවිතාන මහතා
(iii)   ගරු සී. බී. රත්නායක මහතා               - පෙත්සම් දෙකයි
(iv)   ගරු නිහාල් ගලප්පත්ති මහතා
(v)    ගරු බිමල් රත්නායක මහතා               - පෙත්සම් තුනයි
(vi)   ගරු එඩ්වඩ් ගුණසේකර මහතා
(vii)  ගරු රංජිත් අලුවිහාරේ මහතා              - පෙත්සම් තුනයි
(viii) ගරු බුද්ධික පතිරණ මහතා                - පෙත්සම් හතරයි
(ix)  ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා
(x)   ගරු මොහොමඩ් නවවි මහතා
(xi)  ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය
(xii) ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i)   ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ස්වාභාවික ආපදාවන් නිසා විපතට පත් අරණායක සහ අනෙකුත් ප්‍රදේශවල ජනතාවට සහන ලබාදීම

(ii)  ගරු ඩග්ලස් දේවානන්ද මහතා
කිලිනොච්චියේ වන්නේරික්කුලමෙහි සංචාරක මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම

(iii) ගරු අනුර දිසානායක මහතා
අලි ඇතුන් ලියාපදිංචි කිරීමට වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීමේදී සිදු වූ දූෂණ හා අක්‍රමිකතා

 

අමාත්‍යාංශ නිවේදන

‘ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඇමෙරිකානු ආයතනයක සහය ලබාගැනීම’ පිළිබඳව 2016 අ‌ගෝස්තු 21 වැනිදා සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ ලිපිය සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, ගරු මලික් සමරවික්‍රම මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ

“වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ අයිතම අංක 1 සිට 13 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් අටක්
(ii)   රේගු ආඥා පනත යටතේ යෝජනාව
(iii)  නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් හතරක්

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සෑම ඡන්ද කොට්ඨාසයකම ජාතික පාසලක් පිහිටුවීම” පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මොහොමඩ් නවවි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1840 ට 2016 අගෝස්තු මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.