2016 අගෝස්තු මස 23 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-08-23

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’   :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ
(ii)   2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ
(iii)  2015 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ
(iv)  2015 වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ
(v)   2012, 20132014 සහ 2015 වර්ෂ සඳහා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්ත‍මේන්තුවේ

කාර්යසාධන වාර්තා

(vi)   2014 වර්ෂය සඳහා වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පිළිගැන්වීම

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)     ගරු ජෝන් අමරතුංග මහතා
(ii)    ගරු ඒ. ඩී. සුසිල් ප්‍රේමජයන්ත මහතා
(iii)   ගරු වසන්ත අලුවිහාරේ මහතා
(iv)   ගරු නිහාල් ගලප්පත්ති මහතා
(v)    ගරු බිමල් රත්නායක මහතා
(vi)   ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා
(vii)  ගරු බුද්ධික පතිරණ මහතා                  - පෙත්සම් තුනයි
(viii) ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා
(ix)   ගරු අශෝක ප්‍රියන්ත මහතා
(x)    ගරු චන්දිම ගමගේ මහතා
(xi)   ගරු සිසිර ජයකොඩි මහතා
(xii)  ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා          
(xiii) ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා         - පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i)  ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ඔලුවිල් ප්‍රදේශය මුහුදුඛාදනයෙන් ආරක්ෂා කිරීම සඳහා සංරක්ෂණය කිරීම

(ii) ගරු අනුර දිසානායක මහතා
වෙරළාරක්ෂක සේවයේ වැටුප් සහ අනෙකුත් සම්බන්ධිත ගැටලු

 

අමාත්‍යාංශ නිවේදන

ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය, ගරු විජිත් විජයමුණි සොයිසා මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    “සැමට සරණ සහන සේවා පදනම (සංස්ථාගත කිරී‍මේ)”  
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එස්. සී. මුතුකුමාරණ මහතාට අවසර දෙන ලදී.

(ii)    “සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරී‍මේ)”  
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (i) සහ (ii) පනත් කෙටුම්පත් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

සත්ව ආහාර (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින දෙමළ පුද්ගලයින් නිදහස් කිරීම” පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1930 ට 2016 අගෝස්තු මස 24 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.