ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 අගෝස්තු මස 11 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-08-11

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)      2015 වර්ෂය සඳහා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ
(ii)     2015 වර්ෂය සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iii)    2015 වර්ෂය සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ
(iv)    2015 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා

(v)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් “කාට්සු හයිලි ඇඩ්වාන්ස් මෙඩිකල් ටෙක්නොලොජි ට්‍රේනින් සෙන්ටර් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය” පිළිගනිමින් උසස් අධ්‍යාපන  හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 අප්‍රේල් 08 දිනැති අංක 1961/34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(vi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ “හොරයිසන් කොලේජ් ඔෆ් බිස්නස් ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්” උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් සාදනු ලැබ 2015 දෙසැම්බර් 07 දිනැති අංක 1944/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිය‍මය සංශෝධනය කරමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 ජූලි 14 දිනැති අංක 1975/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(vii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ “නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ්” උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් සාදනු ලැබ 2016 ජනවාරි 19 දිනැති අංක 1950/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිය‍මය සංශෝධනය කරමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා  විසින් සාදන ලදුව 2016 ජූලි 14 දිනැති අංක 1975/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(viii)   2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ
(ix)     2011 වර්ෂය සඳහා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ

වාර්ෂික වාර්තා

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)     ගරු දිලිප් වෙදආරච්චි මහතා
(ii)    ගරු සුසන්ත පුංචිනිලමේ මහතා             -    පෙත්සම් තුනයි
(iii)   ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
(iv)   ගරු ගාමිණී ලොකුගේ මහතා
(v)    ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා              -    පෙත්සම් හතරයි
(vi)   ගරු ජයන්ත සමරවීර මහතා                 -    පෙත්සම් තුනයි
(vii)  ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා
(viii) ගරු බුද්ධික පතිරණ මහතා                  -    පෙත්සම් පහයි
(ix)   ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා       -    පෙත්සම් පහයි
(x)    ගරු හර්ෂණ රාජකරුණා මහතා
(xi)   ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
පළාත් පාලන ආයතනවලට අනුමත වූ මුදල් ලබා නොදීම

(ii)    ගරු ඩග්ලස් දේවානන්ද මහතා
කිලිනොච්චියේ පූනහරි ප්‍රදේශයේ වාරිමාර්ග ගැටලුවක් සම්බන්ධයෙන්

 

අමාත්‍යාංශ නිවේදන

අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ ජාතිකයින්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධයෙන් ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් අසන ලද ප්‍රශ්නයට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය, ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1435 ට 2016 අගෝස්තු මස 12 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි