ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 අගෝස්තු මස 10 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-08-10

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ
(ii)   2013 වර්ෂය සඳහා සංචාරක සංවර්ධන අරමුදලේ
(iii)  2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ
(iv)  2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ
(v)   2013 සහ 2014 වර්ෂ සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ

වාර්ෂික වාර්තා

(vi)  2015 වර්ෂය සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ
(vii) 2015 වර්ෂය සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ
(ii)   ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ

වාර්තා පිළිගැන්වීම

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)     ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා            - පෙත්සම් තුනයි
(ii)    ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා
(iii)   ගරු රංජිත් අලුවිහාරේ මහතා
(iv)   ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
(v)    ගරු විජිත බේරුගොඩ මහතා
(vi)   ගරු අජිත් මාන්නප්පෙරුම මහතා
(vii)  ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
(viii) ගරු සීනිතම්බි යෝහේස්වරන් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අග්‍රාමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-

(i)    ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා
(ii)   ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
(iii)  ගරු අනුර දිසානායක මහතා
(iv)  ගරු ජයන්ත සමරවීර මහතා

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
පාසල් පෙළ පොත්වල පැරණි ඓතිහාසික සිදුවීම් ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන්

 

අමාත්‍යාංශ නිවේදන

නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ගරු රංජිත් සියඹලාපිටිය මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“වයඹ හෘද රෝග නිවාරණ සංගමය (සංස්ථාගත කිරීමේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ඩග්ලස් දේවානන්ද මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2016 අගෝස්තු මස 11 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි