ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 අගෝස්තු මස 09 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-08-09

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.


කථානායකතුමාගේ නිවේදන

‘A’  :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ සහතිකය
‘B’  :  “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)   2013 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ
(ii)  2012 වර්ෂය සඳහා සාගර විශ්වවිද්‍යාලයේ ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ
(iii) 2014/15 වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ

වාර්ෂික වාර්තා

(iv)  2015 වර්ෂය සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ
(v)   2015 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ
(vi)  2015 වර්ෂය සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ
(vii) 2015 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා


1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව;

(viii)   2016 අප්‍රේල් 29 දිනැති අංක 1964/70 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(ix)    2016 මැයි 2 දිනැති අංක 1965/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(x)     2016 මැයි 16 දිනැති අංක 1967/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xi)    2016 මැයි 19 දිනැති අංක 1967/52 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ

පළ කරන ලද නියම


2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තියේ 3 වැනි උප වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව;

(xii)    2016 ජනවාරි 20 දිනැති අංක 1950/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xiii)   2016 ජනවාරි 28 දිනැති අංක 1951/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xiv)   2016 පෙබරවාරි 29 දිනැති අංක 1956/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xv)    2016 මාර්තු 08 දිනැති අංක 1957/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xvi)   2016 අප්‍රේල් 01 දිනැති අංක 1960/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xvii)  2016 මැයි 12 දිනැති අංක 1966/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xviii) 2016 මැයි 20 දිනැති අංක 1967/57 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ
(xix)   2016 ජූනි 16 දිනැති අංක 1971/22 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ

පළ කරනු ලැබූ නියම


(xx)    (235 වැනි අධිකාරය වන) රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ තීරු ගාස්තු සම්බන්ධයෙන් 2016 ජූනි 16 දිනැති අංක 1971/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළවූ යෝජනාව

(xxi)   2016 අංක 02 දරන පරිපූරක ඇස්තමේන්තුව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (පළමුවන වාර්තාව)
(ii)   ව්‍යාපාර හා වාණිජ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ
(iii)  ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ

වාර්තා‍ පිළිගැන්වීම

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු අබ්දුල් හලීම් මහතා                     -    පෙත්සම් තුනයි
(ii)   ගරු විජයකලා මහේස්වරන් මහත්මිය
(iii)  ගරු සුජීව සේනසිංහ මහතා                   -    පෙත්සම් තුනයි
(iv)  ගරු වසන්ත අලුවිහාරේ මහතා                -     පෙත්සම් දෙකයි
(v)   ගරු රෝහිත අබේගුණවර්ධන මහතා           -    පෙත්සම් දෙකයි
(vi)  ගරු එම්. එස්. තෞෆික් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i)   ගරු ඩග්ලස් දේවානන්ද මහතා
මන්නාරම දිස්ත්‍රික්කයේ පරංගිආරු ගඟ හා පලිආරු ගඟ ඇළ මාර්ගයකින් සම්බන්ධ කරන වාරිමාර්ග ව්‍යාපෘතිය පිළිබඳව

(ii)  ගරු අනුර දිසානායක මහතා
මාතලේ නගරයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ වන්දි මුදල් ගෙවීම

 

අමාත්‍යාංශ නිවේදන

උතුරේ ගංවතුරින් විපතට පත් වූවන් සඳහා ලබාදෙන පිළියම් සම්බන්ධයෙන් ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් අසන ලද ප්‍රශ්නයට ආපදා කළමනාකරණ අමාත්‍ය, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i)    2015 අංක 16 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ

“විසර්ජන (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය, ගරු රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

(ii)    1969 අංක 3 දරන නීති කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ

“නීති කොමිෂන් සභා (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    “ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරී‍මේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කේ. කේ. පියදාස මහතාට අවසර දෙන ලදී.

(ii)    “රාජිත සේනාරත්න පදනම (සංස්ථාගත කිරී‍මේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන්ට අවසර දෙන ලදී.

(iii)    “ලක් ජනසෙත පදනම (සංස්ථාගත කිරී‍මේ)”  
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු තේනුක විදානගමගේ මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත් සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනත් කෙටුම්පත

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“සංවර්ධන වැඩසටහන් ඇගයීම” පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1917 ට 2016 අගෝස්තු මස 10 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි