2016 ජූලි මස 22 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-07-22 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ සහතිකය
‘B’ : උසස් නිලතල පිළිබඳ කාරක සභාවට නම් කළ මන්ත්‍රීන්
‘C’ : මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට නම් කළ මන්ත්‍රීන්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii) 2015 වර්ෂය සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ
(iii) 2015 වර්ෂය සඳහා සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු සාගල රත්නායක මහතා
(ii) ගරු දිලිප් වෙදආරච්චි මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු මනූෂ නානායක්කාර මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා
(v) ගරු මුහම්මදු ඉබ්රාහිම් මුහම්මදු මන්සූර් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
අනුරාධපුරයෙහි පිහිටි එළාර රජුගේ සොහොන සංරක්ෂණය කිරීම
අමාත්‍යාංශ නිවේදන
කිලිනොච්චියේ පූනහරි ප්‍රදේශයේ පානීය ජලය සම්බන්ධයෙන් ජනතාව මුහුණ පා ඇති ගැටලු පිළිබඳව ගරු ඩග්ලස් දේවානන්ද මහතා අසන ලද ප්‍රශ්නයට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය, ගරු රවුෆ් හකීම් මහතා විසින් පිළිතුරු සපයන ලදී.
කල් තැබීමේ යෝජනාව
“රටේ වත්මන් ආර්ථික තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1805 ට 2016 අගෝස්තු මස 9 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






