2016 ජූලි මස 21 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-07-21 |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව-
- 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ IX සහ X වැනි කොටස්, තුන්වැනි කාණ්ඩයේ VI වැනි කොටස සහ පස්වැනි කාණ්ඩයේ VIII සහ IX වැනි කොටස්; සහ
- 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XI සහ XII වැනි කොටස් සහ පස්වැනි කාණ්ඩයේ IV සහ V වැනි කොටස්
වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 ජූනි 22 දිනැති අංක 1972/33 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින්, සිංහල හා දෙමළ භාෂා පිටපත්වල මුද්‍රණ දෝෂ නිවැරදි කරනු ලැබූ, මෝටර් වාහන පනතේ (203 වැනි අධිකාරය වූ) 122 වගන්තිය සහ VII අ කොටස සමඟ කියවිය යුතු, එකී පනතේ 237 වැනි වගන්තිය යටතේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලද 2015 නොවැම්බර් 02 දිනැති අංක 1939/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(ii) 2013 වර්ෂය සඳහා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ
(iii) 2013 වර්ෂය සඳහා නිපුණතා සංවර්ධන අරමුදලේ
(iv) 2013 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ
වාර්ෂික වාර්තා
(v) 2015 වර්ෂය සඳහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vi) 2013 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ
(vii) 2015 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ
(ii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ
(iii) බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ
වාර්තා පිළිගැන්වීම
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා
(ii) ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
(iii) ගරු එස්. සී. මුතුකුමාරණ මහතා
(iv) ගරු එස්. ශ්‍රීතරන් මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු ආනන්ද අලුත්ගමගේ මහතා
(vi) ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා - පෙත්සම් හතයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය මගින් උතුර සහ නැගෙනහිර ආබාධිත පුද්ගලයින් හට සහන සහ පහසුකම් ලබාදීම
(ii) ගරු අනුර දිසානායක මහතා
මෑතකදී යාපනය විශ්වවිද්‍යාලයේ නවකයන් පිළිගැනීමේ උත්සවයකදී ඇති වූ සිදුවීම
අමාත්‍යාංශ නිවේදන
මෑතකදී තමන් සිංගප්පූරුවේ කළ රාජ්‍ය සංචාරය පිළිබඳව අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම සඳහා වූ
“විශ්වවිද්‍යාල (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
සබරගමුව පළාත් සංචාරක කාර්යාංශයේ ප්‍රඥප්ති කෙටුම්පත
එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ලබා දී ඇති කාල සීමාව 2016 අගෝස්තු මස 09 වැනි දින දක්වා දීර්ඝ කළ යුතු බවට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට සභාව එකඟ විය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත දැක්වෙන විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත යටතේ රීති
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග තුනක්
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1600 ට 2016 ජූලි මස 22 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






