2016 ජූලි මස 20 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-07-20

Print

නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’  : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනයේ
(ii)   2013 වර්ෂය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ
(iii)  2013 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ
(iv)  2013 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(v)   2013 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක අධ්‍යයනායතනයේ
(vi)  2012 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ

වාර්ෂික වාර්තා

(vii)   2003 අංක 3 දරන රාජ්‍ය මුල්‍ය කළමනාකරණ (වගකීම) ප‍නතේ 10 වැනි වගන්තිය යටතේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව 2016

(viii)  2015 වර්ෂය සඳහා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ
(ix)   2015 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ
(x)    2013 සහ 2014 වර්ෂ සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

තරුණ, ක්‍රීඩා, කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව පිළිගැන්වීම

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු ගාමිණී ලොකුගේ මහතා         - පෙත්සම් දෙකයි
(ii)   ගරු වාසුදේව නානායක්කාර මහතා   - පෙත්සම් දෙකයි
(iii)  ගරු අජිත් මාන්නප්පෙරුම මහතා     - පෙත්සම් හතරයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
කිලිනොච්චියේ පූනහරි ප්‍රදේශයේ පානීය ජලය සම්බන්ධයෙන් ජනතාව මුහුණ පා ඇති ගැටලු පිළිබඳව

 

අමාත්‍යාංශ නිවේදන

නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ක්‍රීඩා පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“බස්නාහිර පළාතේ පාසල්වල ගුරු හිඟය” පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2016 ජූලි මස 21 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.