2016 ජූලි මස 8 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-07-08

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’     :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ සහතිකය

තේරීම් කාරක සභාව විසින් මතු දැක්වෙන කාරක සභාවන්හි සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීම -
‘B’     :  බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
‘C’     :  නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

‘D’     :  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරයෙක් වෙනුවට නව මන්ත්‍රීවරයෙක් පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ
(ii)   2015 වර්ෂය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

(iii)  2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ
(iv)  2013/2014 වර්ෂය සඳහා කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් හි

වාර්ෂික වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ
(ii)   නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ

වාර්තා පිළිගැන්වීම

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු සුසන්ත පුංචිනිලමේ මහතා         - පෙත්සම් අටයි
(ii)   ගරු නිහාල් ගලප්පත්ති මහතා               - පෙත්සම් හයයි
(iii)  ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා              - පෙත්සම් පහයි
(iv)  ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා            - පෙත්සම් දෙකයි
(v)   ගරු බුද්ධික පතිරණ මහතා                  - පෙත්සම් අටයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i)  ගරු ඩග්ලස් දේවානන්ද මහතා
පරිත්‍යාග ලෙස ලැබුණු රටඉඳි වලට  බදු අය කිරීම

(ii)  ගරු අනුර දිසානායක මහතා
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විකිණීම

 

අමාත්‍යාංශ නිවේදන

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පිළිබඳව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගරු රිසාඩ් බදියුදීන් මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම පිණිස වූ

“එකතු කළ අගය මත බදු (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය ගරු රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත දැක්වෙන විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 150 සිට 152 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත යටතේ කරන නියමය
(ii)   අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග
(iii)  සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1725 ට 2016 ජූලි මස 20 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.