ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 ජූලි මස 7 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-07-07

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශයේ
(ii)   2015 වර්ෂය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ

කාර්යසාධන වාර්තා

(iii)   2011 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ
(iv)   2012-2013 වර්ෂය සඳහා සී/ස ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ

වාර්ෂික වාර්තා

(v)    1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතේ (131 වන අධිකාරය වූ) 39 වන වගන්තිය යටතේ නියෝග
(vi)   1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව පිළිගැන්වීම

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)     ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා                  - පෙත්සම් දෙකයි
(ii)    ගරු වජිර අබේවර්ධන මහතා                       - පෙත්සම් හතරයි
(iii)   ගරු වසන්ත අලුවිහාරේ මහතා                     - පෙත්සම් හතරයි
(iv)   ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
(v)    ගරු ලකී ජයවර්ධන මහතා                          - පෙත්සම් තුනයි
(vi)   ගරු රංජිත් අලුවිහාරේ මහතා                       - පෙත්සම් හයයි
(vii)  ගරු බුද්ධික පතිරණ මහතා                          - පෙත්සම් අටයි
(viii) ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා              - පෙත්සම් හයයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අග්‍රාමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-

(i)    ගරු අනුර දිසානායක මහතා
(ii)   ගරු වාසුදේව නානායක්කාර මහතා
(iii)  ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
(iv)  ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i)   ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
වතු සේවකයින්ට මෑතකදී ලබාදුන් වැටුප් වැඩිවීම නොගෙවීම

(ii)  ගරු ඩග්ලස් දේවානන්ද මහතා
මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

 

අමාත්‍යාංශ නිවේදන

පසුගිය දින දෙක තුළ කොළඹ හා තදාසන්න ප්‍රදේශ කිහිපයක ජල සැපයුම ඇණහිටීම පිළිබඳව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ගරු රවුෆ් හකීම් මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව පනත් කෙටුම්පත

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුම සඳහා කොන්දේසි” පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1855 ට 2016 ජූලි මස 8 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි