2016 ජූලි මස 5 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-07-05

Print

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’     :  “හෝමියෝපති
‘B’     :  “මූල්‍ය කළමනාකාරණ (වගකීම) (සංශෝධන)

නැමැති පනත් කෙටුම්පත් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ

‘C’     :  මෑතකදී සිදු වූ බැඳුම්කර නිකුතුව පිළිබඳව විගණකාධිපතිවරයාගේ වාර්තාව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ කාර්තුමය වාර්තාව

(ii)   2015 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ
(iii)  2015 වර්ෂය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ
(iv)  2015 වර්ෂය සඳහා නීති කටයුතු දෙපාර්තමේන්තුවේ
(v)   2015 වර්ෂය සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා

(vi)   2013 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ
(vii)  2013 වර්ෂය සඳහා ජාතික විද්‍යා පදනමේ
(viii) 2013 වර්ෂය සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ

වාර්ෂික වාර්තා


1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව;

(ix)    ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන්  සාදන  ලදුව  2016 මාර්තු මස 29 දිනැති අංක 1960/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x)    ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන්  සාදන  ලදුව  2016 පෙබරවාරි මස 19 දිනැති අංක 1954/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(xi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4) වැනි වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින්, ශ්‍රී ලංකාවේ ගම්පහ වික්‍රමාරච්චී ආයුර්වේද විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෙනුවට නිසි බලධරයෙකු පත් කරමින් 2016 මැයි මස 30 දිනැති අංක 1969/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

සෞඛ්‍යය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව පිළිගැන්වීම

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු පී. හැරිසන් මහතා
(ii)   ගරු ගයන්ත කරුණාතිලක මහතා
(iii)  ගරු තලතා අතුකෝරල මහත්මිය        - පෙත්සම් දෙකයි
(iv)  ගරු පියංකර ජයරත්න මහතා
(v)   ගරු බිමල් රත්නායක මහතා
(vi)  ගරු සන්දිත් සමරසිංහ මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
උතුර සහ නැගෙනහිර හැර දිවයිනේ දෙමළ මාධ්‍ය පාසල්වල පවත්නා නොයෙකුත් අඩුපාඩු

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i)    2010 අංක 19 දරන මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරීම පිණිස වූ

“මරණ ලියාපදිංචි කිරී‍මේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

(ii)    1986 අංක 15 දරන සත්ව ආහාර පනත සංශෝධනය කිරීම පිණිස වූ

“සත්ව ආහාර (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු පී. හැරිසන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

හෝමියෝපති පනත් කෙටුම්පත

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“යුද්ධයෙන් ආබාධිත තත්වයට පත්වූ ජනතාවගේ ගැටලු සහ විශේෂ අවශ්‍යතා” පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1905 ට 2016 ජූලි මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.