2016 ජුනි මස 23 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-06-23 |
නියෝජ්‍ය කාරක සභාපති ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(ii) 2012 වර්ෂය සඳහා ලංකා - ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ
(iii) 2013 වර්ෂය සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ
වාර්ෂික වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා
(ii) ගරු ගයන්ත කරුණාතිලක මහතා
(iii) ගරු නිරෝෂන් පෙරේරා මහතා
(iv) ගරු සී. බී. රත්නායක මහතා
(v) ගරු රංජිත් අලුවිහාරේ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
කිලිනොච්චියේ ක්‍රීඩා සංකීර්ණය
(ii) ගරු අනුර දිසානායක මහතා
පොලිස් නිලධාරීන්ට උසස් වීම් ලබාදීම සඳහා විධිමත් ක්‍රියාපටිපාටියක් හඳුන්වා දීම
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට අවසර දෙන ලදී;
(ii) ගණේගම ශ්‍රී ඉන්දසාර ධර්මායතන සංරක්ෂණ සභාව (සංස්ථාගත කිරීමේ)
(iii) දොස්තර සමන් වීරසිංහ පදනම (සංස්ථාගත කිරීමේ)
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (ii) සහ (iii) පනත් කෙටුම්පත් පිළිවෙළින් බුද්ධශාසන අමාත්‍යතුමා සහ සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත
විවාදයට ගෙන හෙට දින දක්වා කල් තබන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“අලි ඇතුන් සහ මුහුදු ක්ෂීරපායීන් ආරක්ෂා කිරීම සඳහා රෙගුලාසි පැනවීම” පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1852 ට 2016 ජුනි මස 24 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






