2016 ජුනි මස 21 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-06-21 |
නියෝජ්‍ය කාරක සභාපති ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් තුනක පිටපත් ලැබී ඇති බව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජනරාල්ගේ
(ii) 2015 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ
(iii) 2015 වර්ෂය සඳහා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iv) 2015 වර්ෂය සඳහා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ
(v) 2015 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(vi) 2014 වර්ෂය සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ
(vii) 2015 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශයේ
(viii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ
(ix) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ
වාර්ෂික වාර්තා
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව;
(x) ශ්‍රී ලංකාවේ රුහුණු විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2016 අප්‍රේල් මස 26 දිනැති අංක 1964/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xi) ශ්‍රී ලංකාවේ අග්නිදිග විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් සාදන ලදුව 2016 අප්‍රේල් මස 26 දිනැති අංක 1964/11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව පිළිගැන්වීම
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු ජෝන් අමරතුංග මහතා
(ii) ගරු මහින්ද අමරවීර මහතා
(iii) ගරු අජිත් පී. පෙරේරා මහතා - පෙත්සම් හතරයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම සඳහා වූ
“අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ද්විතීයික පාසල් ව්‍යාපෘතියේ ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1910 ට 2016 ජුනි මස 22 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






