2016 ජුනි මස 10 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-06-10 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 වර්ෂය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ජ (4) වගන්තියට අනුව මුදල් කොමිෂන් සභාවෙන් අතිගරු ජනාධිපතිතුමා වෙත කෙරෙන නිර්දේශ
(ii) 2015 වර්ෂය සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ
(iii) 2015 වර්ෂය සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ
(iv) 2015 වර්ෂය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(v) 2014 සහ 2015 වර්ෂ සඳහා ආනයන හා අපනයන (පාලන) දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
(vi) 2012 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ
(vii) 2013 වර්ෂය සඳහා පරමාණුක ශක්ති අධිකාරියේ
වාර්ෂික වාර්තා
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු වජිර අබේවර්ධන මහතා - පෙත්සම් දහතුනයි
(ii) ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා
(iii) ගරු හර්ෂණ රාජකරුණා මහතා - පෙත්සම් පහයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ අනාගතය
(ii) ගරු අනුර දිසානායක මහතා
කොස්ගම, සාලාවේ අවිගබඩා පිපිරුමෙන් විපතට පත් ජනතාව මුහුණ පා ඇති ගැටලු
(iii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
අත්අඩංගුවේ පසුවන ද්‍රවිඩ ජාතිකයින්ට පොදු සමාවක් ලබාදීම
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සංශෝධනය කිරීම පිණිස වූ
“මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ගරු මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “අමීර් අලි පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු මොහොමඩ් නවවි මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
(ii) “ශ්‍රී ලංකා ළමා සංවර්ධන සංගමය (SLACD) (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) තුසිතා විජේමාන්න මහත්මියට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“උතුරේ සහ නැගෙනහිර වෙසෙන ජනතාව මුහුණදෙන ගැටලු” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1853 ට 2016 ජුනි මස 21 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






