2016 ජුනි මස 09 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-06-09 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ
(ii) 2015 වර්ෂය සඳහා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iii) 2015 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iv) 2015 වර්ෂය සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ
(v) 2015 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ
(vi) 2015 වර්ෂය සඳහා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ
(vii) 2015 වර්ෂය සඳහා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ
(viii) 2015 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ
(ix) 2015 වර්ෂය සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ
(x) 2015 වර්ෂය සඳහා විදේශ රැකියා අමාත්‍යාංශයේ
(xi) 2015 වර්ෂය සඳහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ
(xii) 2015 වර්ෂය සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ
කාර්යසාධන වාර්තා
(xiii) 2013 වර්ෂය සඳහා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(xiv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් එම පනතේ 70ඇ වගන්තිය යටතේ වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් බුඩිස්ට් ඇකඩමි ආයතනය උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් ලෙස පිළිගනිමින් 2016 ජනවාරි 06 දිනැති අංක 1948/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් එම පනතේ 70ඇ වගන්තිය යටතේ වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් ලෙස පිළිගනිමින් 2016 ජනවාරි 19 දිනැති අංක 1950/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
කිලිනොච්චියේ පානීය ජල ගැටලු
(ii) ගරු අනුර දිසානායක මහතා
කෞතුකාගාරයේ සිට අරලිය ගහ මන්දිරයට ගෙන යන ලද බුද්ධ ප්‍රතිමාව
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විශ්වාස භංග යෝජනාව
නම් අනුව ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව 51; විරුද්ධව 145) මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මහතා කෙරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව නිෂ්ප්‍රභා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1825 ට 2016 ජුනි මස 10 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






