ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 ජුනි මස 07 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-06-07

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’     :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ සහතිකය

තේරීම් කාරක සභාව විසින් මතු දැක්වෙන ආංශික අධීක්ෂණ කාරක සභාවන්හි සේවය සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීම -
‘B’     :  ජාත්‍යන්තර සබඳතා
‘C’     :  තිරසර සංවර්ධනය හා පරිසර සහ ස්වභාවික සම්පත්
‘D’     :  ස්ත්‍රී පුරුෂ සමාජ භාවය

තේරීම් කාරක සභාව විසින් මතු දැක්වෙන ආංශික අධීක්ෂණ කාරක සභාවන්හි සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීම -
‘E’     :  අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය
‘F’     :  සෞඛ්‍ය සහ මානව සුභ සාධනය, සමාජ සවිබලගැන්වීම
‘G’    :  බලශක්ති
‘H’    :  අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය
‘I’     :  ප්‍රතිසන්ධාන හා උතුර හා නැගෙනහිර නැවත ගොඩනැඟීම

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) වැනි ව්‍යවස්ථාව ප්‍රකාර─

  • 2011 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ IV වැනි කොටස;
  • 2012 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ හයවැනි කාණ්ඩයේ XXIV වැනි කොටස;
  • 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ VIII වැනි කොටස, දෙවැනි කාණ්ඩයේ XIX වැනි කොටස, හතරවැනි කාණ්ඩයේ VI, VII, VIII, IX සහ X වැනි කොටස්, පස්වැනි කාණ්ඩයේ VII වැනි කොටස සහ හයවැනි කාණ්ඩයේ I, II, III, IV සහ V වැනි කොටස්;
  • 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ I සහ II වැනි කොටස්, දෙවැනි කාණ්ඩයේ VI, VII, VIII, IX සහ X වැනි කොටස්, තුන්වැනි කාණ්ඩයේ III වැනි කොටස, හතරවැනි කාණ්ඩයේ VI සහ VII වැනි කොටස් සහ පස්වැනි කාණ්ඩයේ I, II සහ III වැනි කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     2015 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ
(ii)    2015 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iii)   2015 වර්ෂය සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iv)   2015 වර්ෂය සඳහා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(v)    2015 වර්ෂය සඳහා කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vi)   2015 වර්ෂය සඳහා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vii)  2015 වර්ෂය සඳහා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(viii) 2014 වර්ෂය සඳහා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ
(ix)   2014 වර්ෂය සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ
(x)   2015 වර්ෂය සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ
 
කාර්යසාධන වාර්තා

(xi)    2015 අංක 16 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ 2016.05.17 දිනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම -2016
 
(xii)    2013 වර්ෂය සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වාර්ෂික වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)     ගරු චන්දිම වීරක්කොඩි මහතා             - පෙත්සම් පහයි
(ii)    ගරු සුජීව සේනසිංහ මහතා             - පෙත්සම් දහයයි
(iii)   ගරු සුසන්ත පුංචිනිලමේ මහතා             - පෙත්සම් දහසයයි
(iv)   ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා         - පෙත්සම් පහයි
(v)    ගරු අනුර දිසානායක මහතා             - පෙත්සම් දෙකයි
(vi)   ගරු නිහාල් ගලප්පත්ති මහතා             - පෙත්සම් තුනයි
(vii)  ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා             - පෙත්සම් නවයයි
(viii) ගරු බුද්ධික පතිරණ මහතා         - පෙත්සම් තුනයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i)  ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
කොස්ගම හමුදා කඳවුරේ පිපිරුම

(ii)  ගරු ඩග්ලස් දේවානන්ද මහතා
රජයේ ආයතන තුළ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස භාවිතය ශක්තිමත් කිරීම

 

නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආරුමුගන් තොණ්ඩමන් මහතාට 2016.06.07 දින සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණ සිටීම සඳහා, ගරු මුත්තු සිවලිංගම් මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අවසරය හිමි විය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i)    හෝමියෝපති වෛද්‍ය සභාව පිහිටුවීම සඳහා ද, හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයන් සහ හෝමියෝපති ඖෂධවේදීන් ලියාපදිංචි කිරීම  සඳහා ද, හෝමියෝපති ආයතන ලියාපදිංචි කිරීම හා නියාමනය කිරීම සඳහා ද, හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීම, පෝෂණය කිරීම සහ නියාමනය කිරීම සඳහා මෙන්ම හෝමියෝපති බෙහෙත් වර්ග, ඖෂධ සහ අනෙකුත් හෝමියෝපති පිළියෙල කිරීම් නිෂ්පාදනය, ආනයනය, ගබඩා කිරීම, විකිණීම සහ බෙදාහැරීම නියාමනය කිරීම සහ පාලනය කිරීම සඳහා ද, 1970 අංක 7 දරන හෝමියෝපති පනත ඉවත් කිරීම සඳහා ද, ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද, විධිවිධාන සැලැස්වීම පිණිස වූ

“හෝමියෝපති”

නමැති පනත් කෙටුම්පත ගරු සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

(ii) 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා වූ

“සමථ මණ්ඩල (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    “ජනකරලිය සංස්කෘතික පදනම (සංස්ථාගත කිරී‍මේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු සුනිල් හඳුන්නෙත්ති මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

(ii)    “ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරී‍මේ)”

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමිය වෙත යොමු කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“අධ්‍යාපනය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1840 ට 2016 ජුනි මස 8 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි