ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 මැයි මස 19 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-05-19

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’     :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු වජිර අබේවර්ධන මහතා     - පෙත්සම් 3
(ii)   ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
(iii)  ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනයේ සමාජ පරිහානිය සම්බන්ධ සිදුවීම්

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 11 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    2016 මැයි මස 05 දින විවාදයට ගන්නා ලද පරිපූරක මුදල - ශීර්ෂය 240 - වැඩසටහන 2 සම්බන්ධයෙන් යෝජනාව
(ii)   ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකු ගිවිසුම (අපරානුමත කිරීමේ) පනත් කෙටුම්පත
(iii)  වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග
(iv)  සුරාබදු ආඥාපනත යටතේ නිවේදනය
(v)   විසර්ජන පනත යටතේ යෝජනා හතක්

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1215 ට 2016 මැයි මස 20 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි