ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 මැයි මස 18 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-05-18

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකතුමාගේ නිවේදන

‘A’     :  රටට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර, නායයෑම් ආදී ස්වභාවික ආපදාවන් හේතුවෙන් විපතට පත් වූ ජනතාවට සභාවේ දැඩි කනගාටුව හා සංවේගය පළ කිරීම
‘B’     :  පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට නියමිත සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව
‘C’     :  අන්තර් පාර්ලිමේන්තු රැස්වීම කල් දැමීම
‘D’     :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2015 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව හා වාර්ෂික ගිණුම්

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා    
(ii)   ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා    
(iii)  ගරු එස්. වියාලේන්දිරන් මහතා       

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

කල් තැබීමේ යෝජනාව

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් 2016.05.17 දින ඉදිරිපත් කරන ලද “ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් තත්වය සහ එහි අනාගතය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව තවදුරටත් පවත්වන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2016 මැයි මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි