2016 මැයි මස 17 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-05-17 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
තේරීම් කාරක සභාව විසින් මතු දැක්වෙන කාරක සභාවන්හි සේවය සඳහා මන්ත්‍රීවරුන් පත් කර ඇත -
‘A’ : ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
‘B’ : අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
‘C’ : තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
‘D’ : ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
‘E’ : කෘෂිකර්මය සහ ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව
‘F’ : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
‘G’ : රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
‘H’ : ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම් අවලංගු කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වැනි වගන්තිය යටතේ;
(i) ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 ජනවාරි 8 දිනැති අංක 1948/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ii) ශ්‍රී ලංකාවේ සබරගමුව විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 පෙබරවාරි 19 දිනැති අංක 1954/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iii) ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 මාර්තු 29 දිනැති අංක 1960/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4) වැනි වගන්තිය යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව;
(iv) 2016 මාර්තු 29 දිනැති අංක 1960/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(v) 2016 මාර්තු 29 දිනැති අංක 1960/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vi) 2015 වර්ෂය සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ
(vii) 2014 වර්ෂය සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
(viii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු ජෝන් අමරතුංග මහතා
(ii) ගරු වාසුදේව නානායක්කාර මහතා - පෙත්සම් 2
(iii) ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා
(iv) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - පෙත්සම් 3
(v) ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
තාක්ෂණ විෂයන් ඉගැන්වීම සඳහා හෝමාගම දැනුම් කේන්ද්‍රීය කලාපය තුළ යෝජිත අධ්‍යාපන විද්‍යාපීඨයේ කඩිනම් ඉදිකිරීම
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
පලාලි ගුවන්තොටුපළ පුළුල් කිරීම සම්බන්ධයෙන්
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ශ්‍රී ලංකාව තුළ විද්‍යා සහ තාක්ෂණ පර්යේෂණ සංස්කෘතියක් සහ ප්‍රජාවක් අභිවර්ධනය කිරීමේ සහ තහවුරු කිරීමේ කාර්යය සඳහා සහ ජාතික සංවර්ධන න්‍යායපත්‍රයට දායක වන පර්යේෂණ වැඩසටහන් සඳහා පහසුකම් සැළැස්වීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැළැස්වීම පිණිස ද ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව යනුවෙන් හඳුන්වනු ලබන සහ සඳහන් කරනු ලබන සභාවක් පිහිටුවීමට විධිවිධාන සැළැස්වීම සඳහා වූ
“ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව”
නමැති පනත් කෙටුම්පත ගරු විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
“ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් තත්වය සහ එහි අනාගතය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2016 මැයි මස 18 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






