ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 මැයි මස 04 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-05-04

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)   2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ
(ii)  2013 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ
(iii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ
(iv) 2013-2014 වර්ෂය සඳහා මිල්කො (පුද්ගලික) සමාගමේ
වාර්ෂික වාර්තා

(v)  2011, 2012 සහ 2013 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ
(vi) 20112012 සහ 2013 වර්ෂ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ

කාර්යසාධන වාර්තා

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i)    ගරු බිමල් රත්නායක මහතා   - පෙත්සම් 3
(ii)   ගරු බුද්ධික පතිරණ මහතා    - පෙත්සම් 3
(iii)  ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී.

(i)    ගරු ඩග්ලස් දේවානන්ද මහතා
(ii)   ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා

 

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනයේ සංවර්ධන කටයුතු

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින්

"ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකු ගිවිසුම (අපරානුමත කිරීමේ)"

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සාමාජිකයකු බවට පත්වීමට ශ්‍රී ලංකාවට අවකාශ සලසනු පිණිස එම බැංකුව ස්ථාපිත කරමින් එළැඹි ගිවිසුමේ අත්සන්කරුවකු වන ශ්‍රී ලංකාව විසින් එකී ගිවිසුම අපරානුමත කිරීම හෝ පිළිගැනීම සඳහා බලය පැවරීමට සහ, ඊට සම්බන්ධ කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)   ගරු එඩ්වඩ් ගුණසේකර මහතා හට

"සීමාසහිත ශ්‍රී විද්‍යාවාස සමාජසේවා සංගමය සංස්ථාගත කිරීම සඳහා වූ" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ඉහත පනත් කෙටුම්පත ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ගරු අධිකරණ සහ බුද්ධ ශාසන  අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


ගරු බුද්ධික පතිරණ මහතා හට
(ii)    "වයිට් රෝස් පදනම සංස්ථාගත කිරීම සඳහා වූ" පනත් කෙටුම්පත සහ
(iii)   "ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය සංස්ථාගත කිරීම සඳහා වූ" පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ඉහත (ii) සහ (iii)  පනත් කෙටුම්පත් ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පිළිවෙලින් ගරු සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා, ගරු. සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා සහ ගරු ඉඩම් අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


ගරු ඉම්රාන් මහරූෆ් මහතා හට
(iv)   "අකුරණ බයිතුස් සකාත් සංස්ථාගත කිරීම සඳහා වූ" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ඉහත පනත් කෙටුම්පත ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදි.

 

සභාවේ අද දිනට නියමිත ප්‍රධාන කටයුතු

ක්ෂුද්‍රමූල්‍ය පනත් කෙටුම්පත

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේදී යෝජනාව

"නාට්‍ය, ඔපෙරා සහ සංගීත සංස්කෘතියේ සංවර්ධනය" සම්බන්ධයෙන්  සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එඩ්වඩ් ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1910 ට 2016 මැයි මස 05  වැනි බ්‍රහස්පතින්දා  පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි