ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 අප්‍රේල් මස 07 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-04-07

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.


කථානායකතුමාගේ නිවේදන

‘A’  :  මන්ත්‍රීවරුන් සඳහා සකසන ලද චර්යාධර්ම පද්ධති කෙටුම්පත මන්ත්‍රීවරුන්ට බෙදා දීම

විශේෂ කාරක සභාව විසින් පහත සඳහන් අතිරේක මන්ත්‍රීවරුන්  ඒ ඒ කාරක සභාවල කටයුතු කිරීම සඳහා නාමනය කර ඇත

‘B’  : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව 
‘C’  : රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව


පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i) ගරු ඩබිලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා 
(ii) ගරු සන්දිත් සමරසිංහ මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i) “අල් ජමියාතුල් ගෞශියා සංස්ථාගත කිරීම"

සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු කේ. කාදර් මස්තාන් මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"විදුලි අර්බුධය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් ඉදරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1847  ට 2016 මැයි මස 3 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි