2016 අප්‍රේල් මස 06 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-04-06 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013 සහ 2014 වර්ෂ සඳහා උද්භිද උද්‍යාන භාර අරමුදලේ වාර්ෂික වාර්තා
(ii) 2010, 2011, 2012 සහ 2013 වර්ෂ සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ
(iii) 2014 වර්ෂය සඳහා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ
කාර්යසාධන වාර්තා
(iv) 2011 අංක 18 දරන වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනතේ 3 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය යටතේ වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2016 ජනවාරි 01 දිනැති අංක 1947/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(v) කලින් කලට සංශෝධනය කරන ලද පරිදි (52 වැනි අධිකාරය වන) සුරාබදු ආඥාපනතේ, 32 වැනි වගන්තිය සමග කියවනු ලබන 22 වැනි වගන්තිය යටතේ ඊතයිල් මධ්‍යසාර මත සුරාබදු සංශෝධනය කිරීම සහ ඊතයිල් මධ්‍යසාර ආනයනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2016 මාර්තු 02 දිනැති අංක 1956/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-
(i) ගරු චමල් රාජපක්ෂ මහතා
(ii) ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - පෙත්සම් 3
(iii) ගරු අජිත් මාන්නප්පෙරුම
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂකයින් සීමා කිරීම
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) "රන්ජන් රාමනායක පදනම (සංස්ථාගත කිරීමේ)"
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එඩ්වඩ් ගුණසේකර මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
(ii) “කුල්ලිය්යතුල් ඉමාම් ෂාෆිඊ අරාබි විද්‍යාලය සංස්ථාගත කිරීම"
සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එම්. එස්. තෞෆික් මහතාට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
(iii) “නිඩා පදනම සංස්ථාගත කිරීම"
සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු මොහොමඩ් නවවි මහතා හට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ii) විදේශගත ශ්‍රී ලාංකිකයන් හට ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට ඇති ඉඩකඩ සලසා දීමේ සහ ඊට අනුෂංගික කරුණු විමර්ශනය කර වාර්තා කිරීම පිණිස වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඉටු කරන ලද කාර්යයන් සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවීම" පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1905 ට 2016 අප්‍රේල් මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






