ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 අප්‍රේල් මස 05 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-04-05

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.


කථානායකතුමාගේ නිවේදන

‘A’  :  ශෙ‍්‍රෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් පිටපත්
‘B’  :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1)  වගන්තිය යටතේ

i) ශ්‍රී ලංකාවේ කැළණිය විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 දෙසැම්බර් 30 දිනැති අංක 1947/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

ii) ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 ජනවාරි 08 දිනැති අංක 1948/59 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

iii) ශ්‍රී ලංකාවේ රුහුණු විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 ජනවාරි 08 දිනැති අංක 1948/60 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

iv) ශ්‍රී ලංකාවේ වයඹ විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 පෙබරවාරි 19 දිනැති අංක 1954/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

v) 2013 වර්ෂය සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ
vi) 2013 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ

වාර්ෂික වාර්තා

vii) 1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනතේ 60 වැනි වගන්තිය යටතේ ආහාර සුරක්ෂිතතාව අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2015 ජූලි 2 දිනැති අංක 1921/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග


පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i) ගරු රවුෆ් හකීම් මහතා
(ii) ගරු ඒ. ඒ. විජේතුංග මහතා     - පෙත්සම් 2

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු එම්. එස්. තෞෆීක් මහතාට  අවසර දෙන ලදී.

(i) “මුතූර් නද්වතුල් උලමා අරාබි විද්‍යාලය සංස්ථාගත කිරීම සඳහා වූ”
(ii) “රිල්වානියියාහ් අරාබි විද්‍යාලය සංස්ථාගත කිරීම සඳහා වූ”
(iii) “බරීරා මුස්ලිම් කාන්තා අරාබි විද්‍යාලය සංස්ථාගත කිරීම සඳහා වූ”

ඉහත පනත් කෙටුම්පත් ස්ථාවර නියෝග 47 (5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

පහත සඳහන් පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු මයන්ත දිසානායක මහතාට අවසර දෙන ලදී.

(iv) “1998 අංක 2 දරන ශ්‍රී ලංකා අභ්‍යන්තර සැලසුම්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත”

ඉහත පනත් කෙටුම්පත් ස්ථාවර නියෝග 47 (5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1325 ට 2016 අප්‍රේල් මස 06  වැනි බදාදා  පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි