ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 මාර්තු මස 24 දින සභාවේ කටයුතු

දිනය : 2016-03-24

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ
(ii) 2012 වර්ෂය සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ

වාර්ෂික වාර්තා

(iii) 2016 අංක 1 දරන පරිපූරක ඇස්තමේන්තුව


පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී

(i) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා
(ii) ගරු ගාමිනී ලොකුගේ මහතා 
(iii) ගරු නිහාල් ගලප්පත්ති මහතා 
(iv) ගරු රංජිත් අලුවිහාරේ මහතා    - පෙත්සම් 05
(v) ගරු බුද්ධික පතිරණ මහතා   - පෙත්සම් 10

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ අලුත් කාර්යාල ගොඩනැගිල්ල සහ නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රසම්පාදන ක්‍රියාපිළිවෙතින් පැන නැගුණු ගැටළු.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද, තොරතුරු වෙත ප්‍රවේශවීම ප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම සඳහා ද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද, තොරතුරු නිලධරයන් පත් කිරීම සඳහා ද, තොරතුරු ලබා ගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලස්වීම පිණිස ද වූ

"තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ"

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමා හට අවසර දෙන ලදී.


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i) "එම්. එස්. තව්ෆීක් පදනම සංස්ථාගත කිරීම සඳහා වූ"

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු රංජිත් අලුවිහාරේ මහතාට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත ගරු සමාජ සවිබලගැන්වීම සහ සුභ සාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

(ii) "පෝද්දල - මීපාවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ අධ්‍යාපන සහන සේවා පදනම සංස්ථාගත කිරීම සඳහා වූ"

පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා හට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත ගරු අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධශාසන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

රටේ වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් 2016-03-08 දින පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ගරු අනුර කුමාර දිසානායක මහතා විසින් 23-03-2016 දින ඉදිරිපත් කරන ල සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරියට ගෙනයාම.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1915 ට 2016 අප්‍රේල් මස 05 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි