ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 මාර්තු මස 23 දින සභාවේ කටයුතු

දිනය : 2016-03-23

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.


කථානායකතුමාගේ නිවේදන

‘B’  : පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්තුමාගේ තනතුර ප්‍රතිනාමණය කිරීම 
‘C’ : මන්ත්‍රීවරුන් සඳහා Wi-Fi සම්බන්ධතාවය
‘D’  :  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම 
‘E’  :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ගරු කථානායකතුමා විසින් සහතිකය සටහන් කිරීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ
(ii) 2013 වර්ෂය සඳහා ජාතික ශිල්ප සභාවේ

වාර්ෂික වාර්තා

(iii) 2014 වර්ෂය සඳහා මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ
(iv) 2014 වර්ෂය සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ

කාර්යසාධන වාර්තා

(v) 2014 අංක 40 දරන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත ප්‍රකාරව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව විසින් සාදන ලදුව 2015 ජූලි 21 දිනැති අංක 1924/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2015 අංක 1 දරන පරමාණුක බලශක්ති (බලපත්‍ර) රීති සහ 2015 අංක 1 දරන පරමාණුක බලශක්ති (ක්‍රියා පිළිවෙතක් පැවැත්වීමේ අදහස පිළිබඳ දැනුම් දීමේ) රීති


පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී:-

(i) ගරු රංජිත් සියඹලාපිටිය මහතා  -  පෙත්සම් 2 
(ii) ගරු ලකී ජයවර්ධන මහතා  -  පෙත්සම් 2 
(iii) ගරු එඩ්වඩ් ගුණසේකර මහතා 
(iv) ගරු ජයන්ත සමරවීර මහතා 
(v) ගරු පාලිත තෙවරප්පෙරුම මහතා   - පෙත්සම් 9
(vi) ගරු ශෙහාන් සේමසිංහ මහතා 
(vii) ගරු නාලක ප්‍රසාද් කොලොන්නේ 
(viii) ගරු චන්දිම ගමගේ    - පෙත්සම් 2 
(ix) ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු. දිනේෂ් ගුණවර්ධන මහතා

ව්ශ්ව විද්‍යාල සිසු විරෝධතා සඳහා එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන්


අමාත්‍යාංශ නිවේදන

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු රංජිත් සියඹලාපිටිය මහතා විසින් මෑතදී සිදුවූ විදුලිය බිඳවැටීම් සම්බන්ධව අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරන ලදි.


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i) ගරු සිරිනාල් ද මෙල් මහතා හට "පිළියන්දල ධර්මශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථ සංවර්ධන සභාව සංස්ථාගත කිරීමේ" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

(ii) ගරු ඉෂාක් රහුමාන් මහතා හට "අකුරණ ජාමිආ රහ්මානියා අරාබි විදුහල සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත" ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත් පිළිවෙලින්  අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍යතුමා සහ තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

"රටේ ආර්ථිකයෙහි වත්මන් තත්වය පිළිබඳව අග්‍රාමාත්‍යතුමා විසින් 2016-03-08 වැනි දින කරන ලද ප්‍රකාශය" පිළිබඳව කල්තැබීමේ  යෝජනාව ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලදි.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1925 ට 2016 මාර්තු මස 24 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි