2016 මාර්තු මස 10 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-03-10 |
නියෝජ්‍ය කථානායක සහ කාරකසභා සභාපති ගරු තිලංග සුමතිපාල මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2014 වර්ෂය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පාලන වාර්තාව
(ii) 2014 වර්ෂය සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(iii) 1985 අංක 48 හා 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 20 වැනි වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 පෙබරවාරි 11 දිනැති අංක 1953/27 දරන අති විශේෂ ගැසට්පත්‍රයේ පළ කරන ලද නියෝගය
(iv) 1985 අංක 48 හා 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 20 වැනි වගන්තිය යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2016 පෙබරවාරි 11 දිනැති අංක 1953/28 දරන අති විශේෂ ගැසට්පත්‍රයේ පළ කරන ලද නියෝගය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව පිළිගැන්වීම.
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී
(i) ගරු අබ්දුල් හලීම් මහතා - පෙත්සම් 2
(ii) ගරු දයාසිරි ජයසේකර මහතා
(iii) ගරු අශෝක් බේසිංහ මහතා -පෙත්සම් 2
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)
අමාත්‍යාංශ නිවේදන
(i) රැකියා විරහිත උපාධිධාරීන් මුහුණපාන ගැටළු සම්බන්ධව ගරු අනුර දිසානායක මහතා විසින් නගන ලද පැනයට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය, ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා පිළිතුරු සපයන ලදී
(ii) ගරු අනුර දිසානායක මහතා විසින් නගන ලද, ලෝක වෙළඳ පොළේ දැවැන්ත ලෙස පහල බසින ඉන්ධන මිලෙහි ප්‍රතිලාභය මෙරට ජනතාවට නොලැබෙන්නේ මන්ද? යන පැනයට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය, ගරු චන්දිම වීරක්කොඩි මහතා පිළිතුරු සපයන ලදී
පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීම
1968 අංක 32 පුද්ගලයන් ලියාපංදිචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා
"පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන)"
පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
''රිෂාඩ් බදියුදීන් පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත''
ඉදිරිපත් කිරීමට ගරු අබ්දුල්ලාහ් මහ්රූෆ් මහතා හට අවසර දෙන ලදී.
ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 14 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී.
(i) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝග තුනක්
(ii) සුරාබදු ආඥා පනත යටතේ නියමයන් හතක්
(iii) මුදල් පනත යටතේ නියෝගය
(iv) මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය
(v) රේගු ආඥාපනත යටතේ යෝජනා
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2016 මාර්තු මස 11 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






