ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 මාර්තු මස 09 දින සභාවේ කටයුතු

දිනය : 2016-03-09

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

(ii) (203 වැනි අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 213 ඈ වගන්තිය සමග කියවිය යුතු, එකී පනතේ 237 වගන්තිය යටතේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2015 දෙසැම්බර් 22 දිනැති අංක 1946/ 10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග.

(iii) 2012 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

(iv) 2013 අංක 33 දරන, ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනතේ 3 වගන්තිය සමග කියවියයුතු 34 වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 ජනවාරි 18 දිනැති අංක 1950/ 1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග


පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු මන්ත්‍රීවරු විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී

(i) ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා  - පෙත්සම් 4
(ii) ගරු විදුර වික්‍රමනායක මහතා 
(iii) ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා 
(iv) මුහම්මදු ඉබ්රාහිම් මුහම්මදු මන්සූර්

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කෙරේ)


අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී

(i) ගරු එඩ්වඩ් ගුණසේකර මහතා
(ii) ගරු ඉ. චාල්ස් නිර්මලනාදන්  මහතා
(iii) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
(iv) ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා


ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිස ගැනීමට යෝජිත ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම (ECTA) තුලින් මුහුණ දෙන ගැටළු


අමාත්‍යාංශ නිවේදන

- ගරු අනුර දිසානායක මහතා විසින් මතුකරන ලද පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ක්‍රියා පිළිවෙත පිළිබඳ පැනයට

- ගරු ඩග්ලස් දේවානන්ද මහතා විසින් මතුකරන ලද යාපනයේ සමාජ පරිහානිය සම්බන්ධ සිදුවීම් පිළිබඳ පැනයට

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය, ගරු සාගල රත්නායක මහතා විසින් පිළිතුරු සපයන ලදී.


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

"සෙත්සාද යෝග නිකේතනයේ කාර්ය භාරය (සංස්ථාගත කිරීමේ)"

කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එස්. සි. මුතුකුමාරන මහතාට අවසර දෙන ලදී

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා යෝජනා සම්මතය

සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1820 ට 2016 මාර්තු මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි