ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 මාර්තු මස 08 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-03-08

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.


කථානායකතුමාගේ නිවේදන

'ඒ' - ''සේවකයන්ගේ අයවැය සහන දීමනාව'' සහ ''සේවකයන්ගේ ජාතික අවම වේතනය'' පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

'බී' -  අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ කාරක සභාවෙහි සේවය කිරීම සඳහා නම් කර ඇති මන්ත්‍රීන්


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 
(ii) 2013 වර්ෂය සඳහා මූලික අධ්‍යයන ආයතනයේ 
(iii) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ

වාර්ෂික වාර්තා

(iv) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ
(v) 2014 වර්ෂය සඳහා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ
(vi) 2014 වර්ෂය සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ

කාර්යසාධන වාර්තා

(vii) 2015 අංක 16 දරන විසර්ජන පනතේ 6(1) වැනි වගන්තිය යටතේ 2016.02.23 දිනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන් කිරීම - 2016

(viii) 1978 අංක 2 දරන අධිකරන සංවිධාන පනතේ 45 වැනි වගන්තිය සමග කියවිය යුතු එම පනතේ 61 වැනි වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 පෙබරවාරි 18 දිනැති අංක 1954/ 34 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග


පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මහජන පෙත්සම් පිළිගන්වන ලදී

(i) ගරු වජිර අබේවර්ධන මහතා  - පෙත්සම් 3
(ii) ගරු ගයන්ත කරුණාතිලක මහතා
(iii) ගරු අජිත් පී. පෙරේරා මහතා   - ‍පෙත්සම් 3
(iv) ගරු අනුර දිසානායක මහතා  - පෙත්සම් 4
(v) ගරු අජිත් මාන්නප්පෙරුම මහතා  - පෙත්සම් 3

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


අමාත්‍යාංශ නිවේදන

(i) රටේ ආර්ථිකය පිළිබඳව වත්මන් තත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

(ii) උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, ඩග්ලස් දේවානන්ද මහතා විසින් අසන ලද යාපනය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු සපයන ලදී.

(iii) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා ''තොරතුරු දැනගැනීම පිළිබඳ'' පනත් කෙටුම්පත ලබන පාර්ලිමේන්තු සතියේදී සභාවට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කලේය.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ශ්‍රී ලංකාවේ පැවති යම් සටන්කාමී ත්‍රස්තවාදී කණ්ඩායමක ක්‍රියාකාරකම් හේතුකොටගෙන අධිකරණයේ දී ඉඩම් ඇතුළු යම් නිශ්චල දේපළක් ආපසු ලබා ගැනීම සඳහා සිය අයිතිවාසිකම් ක්‍රියාක්මක කර ගැනීමට නොහැකි වූ තැනැත්තන් සම්බන්ධයෙන් විශේෂ නීතිමය විධිවිධාන සැලැස්වීමට හැකිවීම සඳහා ද  ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරනා සඳහා වූ

''කාලාවරෝධ (විශේෂ විධිවිධාන)''

නමැති පනත් කෙටුම්පත ගරු අධිකරණ අමාත්‍යතුමා සහ බුද්ධශාසන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.


කල් කැබීමේ යෝජනාව

''අතුරුදන් වූ පුද්ගලයන් සහ අත්අඩංගුවේ සිටින පුද්ගලයන්'' පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830ට 2016 මාර්තු මස 09වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි