ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 පෙබරවාරි මස 26 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-02-26

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ පළ කරන ලද

(i) 2015 ජූනි 04 දිනැති අංක 1917/44 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(ii) 2015 අගෝස්තු 21 දිනැති අංක 1928/ 23 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(iii) 2015 නොවැම්බර් 26 දිනැති අංක 1942/ 15 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(iv) 2015 ජූනි 26 දිනැති අංක 1920/ 37 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(v) 2015 සැප්තැම්බර් 28 දිනැති අංක 1934/ 7 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(vi) 2015 දෙසැම්බර් 30 දිනැති අංක 1947/ 25 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(vii) 2015 ජූලි 15 දිනැති අංක 1923/ 40 දරන අති විශේෂ ගැසට් පත්‍රය


පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන මහජන පෙත්සම්

(i) ගරු ගාමිනී ලොකුගේ මහතා
(ii) ගරු (වෛද්‍ය) ජයම්පති වික්‍රමරත්න මහතා - පෙත්සම් 02

(පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට යොමු කෙරේ)


ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න

(i) ගරු ඩග්ලස් දේවානන්ද මහතා

යාපනයේ සමාජ පරිහානිය සම්බන්ධ සිදුවීම්

(ii) ගරු අනුර දිසානායක මහතා

රැකියා විරහිත උපාධිධාරීන් මුහුණපාන ගැටලු

(iii) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම


ප්‍රධාන කටයුතු ආරම්භ‌යේදී ‌යෝජනා

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

ස්ථාවර නියෝග අංක 125 හි විධිවිධානවල සහ 2015 නොවැම්බර් මස 04 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණ ද, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව  විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් විසි හය (26) දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එයට එකඟ විය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

ස්ථාවර නියෝග අංක 126 හි විධිවිධානවල සහ 2015 නොවැම්බර් මස 04 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණ ද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවර‍යන් විසි හය (26) දෙනෙකුගෙන් සමන්විය විය යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එයට එකඟ විය.

මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව

ස්ථාවර නියෝග අංක 128 හි විධිවිධානවල සහ 2015 නොවැම්බර් මස 04 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණ ද, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් විසි දෙදෙනෙකුගෙන් (22) සමන්විත විය යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එයට එකඟ විය.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව

ස්ථාවර නියෝග අංක 128 අ හි විධිවිධානවල සහ 2015 ඔක්තෝබර් 08 වැනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණ ද, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් පහළොස් (15) දෙනෙකුගෙන් සමන්විත විය යුතු බවට වන යෝජනාවක් පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව එයට එකඟ විය.


සභාව කල් තැබීමේ යෝජනාව

2016.02.12 දින සම්මත කරන ලද "ධීවර හා ජලජ සම්පත් (සංශෝධන)" පනත් කෙටුම්පත පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2016 මාර්තු මස 08 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි