2016 පෙබරවාරි මස 25 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2016-02-25 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘ඒ’ : ආංශික අධීක්ෂණ කමිටු සඳහා සාමාජිකයින් පත් කිරීම
‘බී’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156(6) වැනි ව්‍යවස්ථාව ප්‍රකාර
• 2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XVIII වැනි කොටස සහ පස්වැනි කාණ්ඩයේ III, IV, V සහ VI වැනි කොටස්
• 2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ IV සහ තෙවැනි කාණ්ඩයේ II වැනි කොටස
වාර්තා මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දෙන ලදී.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2012 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
රේගු ආඥා පනතේ 10 වැනි වගන්තිය යටතේ (235 වැනි අධිකාරය වන) ආනයන තීරු ගාස්තු සම්බන්ධයෙන් වූ
(ii) 2015 නොවැම්බර් 20 දිනැති අංක 1941/ 42 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(iii) 2016 පෙබරවාරි 01 දිනැති අංක 1952/ 10 දරන අති විශේෂ ගැසට් පත්‍රය
(iv) ජාතික ආරක්ෂක අරමුදල පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව
(v) 2014 වර්ෂය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
පහත සඳහන් මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන මහජන පෙත්සම්
(i) ගරු. වී. එස්. රාධක්‍රිෂ්නන් මහතා
(ii) ගරු. (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා
(iii) ගරු. එස්. ප්‍රේමරත්න මහතා
පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට යොමු කෙරේ.
ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රශ්න
ගරු අනුර දිසානායක මහතා
පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ක්‍රියා පිළිවෙත පිළිබඳ පැන නැගී ඇති ගැටලු.
සභාව කල් තැබීමේ යෝජනාව
"වතු අංශයේ දෙමළ ප්‍රජාව මුහුණපාන ගැටලු" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2016 පෙබරවාරි මස 26 වැනි සිකුරාදා පැය 1330 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






