ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2016 පෙබරවාරි මස 24 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2016-02-24

කථානායක, ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.


කථානායකතුමාගේ නිවේදන

‘A’  :  තේරීම් කාරක සභාවේ රැස්වීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව


පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන මහජන පෙත්සම්:-

(i) ගරු සාලින්ද දිසානායක මහතා
(ii) ගරු ලකී ජයවර්ධන මහතා - පෙත්සම් 2
(iii) ගරු ජේ. සී. අලවතුවල මහතා - පෙත්සම් 2

(පෙත්සම් මහජන පෙත්සම් කාරක සභාවට යොමු කෙරේ)


පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු නාමල් රාජපක්ෂ මහතාට අවසර දෙන ලදී;

(i) කහවිල්ගොඩ ජාතික උරුම උයන සංකල්ප කෞතුකාගාර සංවර්ධන අරමුදල සංස්ථාගත කිරීම
(ii) ද පේරන්ට්ස් පදනම සංස්ථාගත කිරීම

ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (i) සහ (ii) ලෙස සඳහන් පනත් කෙටුම්පත් පිළිවෙලින් අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා වෙත සහ සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම සඳහා යෝජනා සම්මතය

විවාදකර ඉදිරි දිනකට කල් තබන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2016 පෙබරවාරි මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි